Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට) - Dinesh Gamage | Official Music Video

15,627,354
0
Published 2022-09-29
Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට) - Dinesh Gamage | Official Music Video

Stream/Download : bnfr.link/senkadagala_nuwarata
Powered By Bonfire

✘ Artist - Dinesh Gamage
✘ Melody - Dinesh gamage
✘ Lyrics - Manuranga wijesekara
✘ Music - Gayan randy perera / Dinesh gamage
✘ Mixed & mastered - Vinod Melpitiya at Wayo Mixhouse

✘ Guitar - Prakash Ranasinghe
✘ Flute - WAYANAKA
✘ Violin - Amith G Arachchi
✘ Recording Engineer - Jay D

✘ Director - Chamil Pathirana
✘ DOP - Sahan Wickramarachchi
✘ Digital Strategist - Sandun Gunathilake
✘ Production Manager - Sameera Bandara

Colorist- Yashoda Danupama
Starring - Randika Gunathilake | Tharindi Fernando
Makeup artist - Tharindu Krishan @ Salon Moraco

Special Thanks
Hotel Seyru -Kandy
Shanudrie priyasad
Suranjan Polkotuwa
Dilthara Jayalath
Minul Thennakoon
Ranindu Wanniachchi
Sadun Gunathilake @Bonfire
Sadun Nissanka @Bonfire

- lyrics
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට

ඔබගේ තුරුලේ
ගිලිහී පරවූ
මලකී සුළගේ පාවූ

අහසත් කලු වී
අකුණුත් බොද වී
කදුලේ පැටලී තනිවී

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

අත්වැල් පටලාගෙන පියඹුව හන්තාන
තවමත් උන්නු ලෙසම ඉන්නවානේ තනිව

වැව්දිය නිසල වෙලා මගේ හදවත වගේම
දළදා සමිදු පිහිට විතරයි අද හිතට

අහසත් කලු වී
අකුණුත් බොද වී
කදුලේ පැටලී තනිවී

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

රොබරෝසියා වැටුනු හසුනක් ලග හවස
පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම
ඇස් දෙක වසන් යන්නේ එය පමණයි සරණ

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට

#SenkadagalaNuwarata #dineshGmage #officialmusicvideo #ManurangaWijesekara #PowerdByBonfire #Newmusic #sinhalaclassicalmusic #RandikaGunathilaka #gayanrandy #TharindiFernando #Srilanka

All Comments (21)
  • හැමදාම වගේ වචනෙකින් හරි හයියක් වෙන ඔයාල හැමෝටමත් බොහොමත්ම ස්තුතියි, ඔයාලා හැමෝම මට දෙන ආදරයට , හදවතින්ම ගරු කරනවා,ඒ සතුට වචනෙන් කියන්න බැරි තරම් #Dinna
  • මම අංගොඩ රෝහලේ අවුරුදු 1ක් හිටියා,දැන් ගෙදර ඇව්ත් දවස් 5ක් වෙනවා,දැන් මට හොදටම හොදයි,මම මේ සිංදුව බලාගෙන අඩනවා,මම පිස්සෙක් වෙන්න හේතුව එයාට ආදරෙ වැඩිකමට එයා කොහේ ඉන්නව ද දන්නේ නැ ඒත් එයාගේ කිසි වැරැද්දක් නැ එයා මේක අහනවා ඇති කොහේ හරි ඉදන් අපේ කතාව ඒ විදියටම තියනවා.සෙංකඩගලෙන් අවසන් උන ආදර කතාව.ලබන ආත්මේවත් ආදරයක් හිමි උනොත් ඔයාවම හොයයි මම.ඒත් මම දන්නවා ඔයා බැන්ද කියලා,ඒත් මම ඔයා තාම හොයනවා ගෙදර ආපු දවසේ ඉදන් ඒත් මම දන්නවා ඔයා මට ලැබෙන්නේ නැ කියලා.🥺 හැබැයි කමක් නැ😔
  • නුවර කියන්නෙම ප්‍රේමයක්..හේතුවක් නැති වුවද නුවරට ප්‍රේම කරන මා වැන්නන් තවත් සිටිනු ඇත...🥺💗
  • @Hashmika
    ප්‍රේමය යනු එක් වූවන්ගේ රජ දැක්ම නොවේ...
    එක් නොවූවන්ගේ හදගැස්මයි ❤️🕊️
    2023/05/30
  • @ammukutty7869
    මං මුස්ලිම්......... සිංහල songs වලට ගොඩක් කැමති ඇත්තටම මේ song එකට කදුලු ආවා...🥲 හරිම ලස්සනයි.. Allah qareem 🤲 dinesh aiya.💜️
  • @MANURANGA
    ජීවිතයේ කොහේ හෝ තැනක ,ඔබටත් අමතක කරන්න බැරි මතකයක් තියෙන බව මම දන්නවා.
    ඒ මතකය හෙමිහිට පපුව තුළම තියාගෙන මේ ගීතය විඳින්න.😶
    මෑත කාලයේ මගේ අතින් ලියැවුණු මමත් ආසම කරන ගීතයක්❤️
    දිනේෂ් යනු කවුදැයි ඔහු නැවත නැවත ඔප්පු කරනවා.ජය වේවා .හෙමින් යන්න👍
    චමිල්, රන්දික,tharindi,gayan randy..උපරිමයි🙏🌿
  • @raeeza5405
    මෙ සින්දුව අහනකොට දුකක් දැනෙන්නේ කාටද?
  • හැම මාසෙකටම දවසක් අළුත්ගම ඉදන් පාන්දර 3.10 train එකෙන් කොළඹ කොටුවට ඇවිත් එතන ඉදන් පාන්දර 5.55 පොඩි මැණිකේ train එකෙන් නුවරට ගිහින් උඩරට මැණිකේ එනකන් බෝගම්බරට වෙලා බලාගෙන ඉදලා.මගේ උඩරට මැනිකේ ආවට පස්සේ දළදා මාළිගාවට ගිහින් දළදා හාමුදුරුවන්ව වැදලා නුවර වැව වටේ ඇවිදලා, ටොරින්ටන් පාර්ක් ඇවිදලා,ඩෙවෝන් එකෙන් කාලා එහෙම.අන්තිමට ගෙදර යන්න ඕනි නිසා බෙරි කරගත්තු මුහුණ මට පෙන්නගෙන ඉන්න මැණිකෙව බස් එකට නග්ගලා 3.25ට නුවර ඉදන් කොළඹ කොටුවට එන train එකෙන් ඇවිත් ආපහු රෑ 7.30යේ ගාල්ල mail train එකෙන් ඇවිත් අළුත්ගමින් බැහැලා 10.30ට විතර ගෙදර යන මම😇.ඒ හැගීමනම් වචන වලට පෙරලන්නත් බෑ....❤
  • රන්දිකගේ රංගනය සුපිරි කියන උන් කෝ බලන්න මේ කොනට වරෙල්ලා
  • @abisheka8924
    කිසිම හේතුවක් නැතිව නුවරට අසීමිත විදියට ආදරය කරන අයත් ඉන්නවා 🥺♥
  • මම උසස් පෙලට උපකාරක පංති ගියේ මහනුවර ...ඒ 2011-2013 වර්ශවල..ඒ කාලේ වයස හැටියට කොහෙද class ආව.කෙල්ලෙක් ගැන love එකක් තිබ්බා..හැබැයි කියා ගන්න බැරිවුනා..ඒ තරමට හිතට බයයි...මම board වෙලා හිටියේ කුන්ඩසාලේ ..සුදර්මාරයේ chemistry class ඉවර වුනාම වැව රවුම දිගේ කෙල්ල ගැන හිත හිත ගිය වාර ගණන අනන්තයි ..ඇත්තටම දිනෙශ් අයියා මේ සිංදුව ඇහෙනකොට ඒ අතීතය මතක් වෙන්න ගන්නවා...පුළුවන් නම් සිංදුවක් ඇර සිංදුවක් හරි මේ හැගීම්බර ගීත Release කරන්න❤❤❤...මේ සිදුංවේ තියෙනවා "ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම-ඇස්දෙක වසන් යන්නේ එය පමණයි සරණ"කියලා..හදවතින්ම කිව්වොත් ඒ පදපේළි දෙක මාසෙට වතාවක් කොලඹ ඉදලා නුවර පහුකරන් බිබිලට එද්දි හිත් ගස්සන වාර ගාන අනන්තයි ..
  • @Pehasara222
    ස්කෝලෙන් ට්‍රිප් එක යනකොටත් මහනුවර වැව රවුමේදි මේ සිංදුව දැම්මා බස් එකේ. ඒ සිංදුවත් අහගෙන වටපිට බල බලා යන එක වෙනම vibe එකක්. දෙසැම්බර් 1 වෙනිදා ගිය ට්‍රිප් එකේ මහනුවරදි දැක්ක දේවල් තාම හිතින් මතක් කරනවා මේ සිංදුව අහලා 😫♥️ .. එදා තමා මම මහනුවර ගිය පළවෙනි පාර ... 9 වසරේදි 🥰
  • ආදරේ කොහොම අමතක වෙන්නද දින්නා...!!! 
    නම් ගම් වෙනස් වෙයි... හැමදාම ආදරේ කරයි... ඒක නොවෙනස්ව තියෙයි...! 
    ආදරෙයි....!!!! ❤
  • @sadee3821
    මනුස්සයකුගේ ජීවිතේ දුර්වලතම ස්ථානය "ප්‍රේමය" වෙන්නත් පුලුවන්...💓✨️
  • @mr.p7408
    2024ත් අහන අය කෝ❤️🥺
  • දින්නාගේ වැඩිම විව්ස් යන සින්දුවක් වෙයි.අධිමාත්‍රාවක්💗
  • @yasas_adikari
    මේ සින්දුව අහලා ඉවර වෙද්දි නුවර විතරක් නෙමෙයි ඇත්තටම ආදරේ කරපු/කරන මිනිස්සුන්ට කඳුලක් ආවේ නැත්නම් පුදුමයි ❤ පුදුම ලස්සන සින්දුවක්. Views දෙයියෝත් දකිත්වා! 🙌🙏
  • @--panchali--
    රන්දික අයියා...❤ ඒ acting...හිතාගන්න බැරි තරම් තාත්විකයි...❤
  • සමහර බැදීම් හමු වෙනවා විතරයි යාලුවා! හිමිවෙන්නේ නෑ! හැබැයි අහිමි වුන හිමිවීම් අතරට ලස්සන එක හිමිවීමක් අපි හැමෝටම දවසක ලැබෙනවා! අන්න ඒ දවසට ඒ අහිමි වීම නිසානෙ මේ හිමිවීම කියලා හිතෙන තැනට වෙනකන් හැදියන්!❤️
    ලස්සන දවසක් එනක්න් බලන් ඉන්න මගේ උන් හැමෝටම ඉක්මනටම ඒ දවස උදාවෙන්න ඕනමයි!🥺❤️👌👌